Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
23
ඔබේ අතත් නිතරම හිරිවැටෙනවද ?

- ඔබේ අතත් නිතරම හිරිවැටෙනවද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,603 Views

අතෙහි හිරිවැටීම වර්තමානයේ බහුලව අසන්නට ලැබෙන රෝග තත්ත්වයකි. 


වෙනත් රෝග අවස්‌ථාවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ද අතෙහි සහ ඇඟිලිවල හිරිවැටීම පිළිබඳ පැමිණිලි කරන අවස්‌ථා නිරන්තරයෙන් හමු වේ.

මෙවැනි තත්ත්වයන් ඇති වීමට බොහෝ හේතු සාධකවල බලපෑම් ඇති විය හැකි අතර නවීනව හඳුන්වන Carpal Tunnel Syndrome නැමති අවස්‌ථාවද බහුලව මේ සඳහා හේතු සාධක සපයයි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය වාත රෝග ගණයේ ලා සැලකෙන රෝග තත්ත්යවකි. මැණික්‌ කටු සන්ධියේ යම් ව්‍යqහයක්‌ තුළින් ගමන් ගන්නා ස්‌නායුවක්‌ (Median nerve) පීඩාවට පත් වීම හේතුවෙන් රෝග ලක්‍ෂණ හට ගන්නා අතර මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වීමට ඒ ඒ පුද්ගලයාගේ රැකියාවේ ස්‌වභාවයද බලපෑ හැකි බව සොයා ගෙන ඇත.

මැණික්‌ කටු සන්ධිය ආශ්‍රිතව ඇති යම්කිසි කුහරමය ව්‍යුහයක්‌ (Carpal Tunnel) හරහා ඇඟිලිවලට විශේෂයෙන් මහපටැඟිල්ල, දබරැඟිල්ල, මැදැඟිල්ල හා වෙදැඟිල්ලෙහි කොටසකටත් ස්‌නායු ආවේග සපයන ස්‌නායුව (Median nerve) ගමන් ගනී.

මෙය අස්‌ථි හා අස්‌ථි බන්ධනී (Ligaments) වලින් මායිම් වී ඇති අතර මෙම කුහරය හරහා පේශී ඛණ්‌ඩරා (Muscles Tendons) හා ස්‌නායුව (Median nerve) ගමන් කරයි.

මෙම කුහරමය ව්‍යqහය ඇතුළත පීඩනය යම් හේතුවක්‌ නිසා උදාහරණයක්‌ ලෙස දුව එක්‌ රැස්‌වීමක්‌ නිසා හෝ වැඩිවීම හේතුවෙන් ස්‌නායුව තෙරපීමට ලක්‌ වෙයි. තෙරපීමට ලක්‌වෙයි. එවිට රෝග ලක්‍ෂණ ඇති වීමට පටන් ගනී.

රෝග ලක්‍ෂණ
මෙය එක්‌වරම හට ගන්නා රෝග තත්ත්වයක්‌ නොව රෝග ලක්‍ෂණ ක්‍රමයෙන් ඇති වෙමින් එදිනෙදා කටයුතුවලට බාධා වන අයුරින් උග්‍ර විය හැකි තත්ත්වයකි. අතෙහි මහපටැඟිල්ල, දබරැඟිල්ල, මැදැඟිල්ල හා වෙදැඟිල්ලෙහි එක්‌ පාර්ශ්වයක වරින් වර ඇතිවන නලියන මෙන් දැනෙන ස්‌වභාවය. (Tingling Sensatian) දාහය හා හිරිය සාමාන්‍යයෙන් මෙම රෝග තත්ත්වයේදී දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණයකි.

රාත්‍රි නින්දට බාධා වන අයුරින් අතෙහි ඇතිවන වේදනාවත් අත පහළට එල්ලා වැටෙන අයුරින් තබාගෙන සිටීමෙන් එම අපහසුතාව මඟ හැරීයැමත් විශේෂයෙන් මෙවැනි රෝගීන්ගෙන් අසන්නට ලැබෙන පැමිණිල්ලකි. මීට අමතරව යමක්‌ අතින් තදින් ග්‍රහණය කිරීමට අසමත් බව හා එසේ කිරීමේදී අපහසුතාව.

වේදනාව හා ඇතැම් විට අතෙහි අප්‍රාණික ස්‌වභාවයක්‌ දැනීම ද සිදු විය හැක. විශේෂයෙන් කාන්තාවන් හා මැදිවියේ පුද්ගලයන්ට මෙවැනි තත්ත්වයක්‌ ඇති වීමේ වැඩි ප්‍රවණතාවක්‌ පවතී.

අත හිරිවැටීමට බලපාන හේතු – විවිධ හේතු මේ සඳහා බලපායි. තයිරොක්‌සින් හෝමෝනයේ විෂමතාවක්‌ පැවතීම (Hypothyrodism) දියවැඩියාව වැනි කාලීන රෝග තත්ත්වයක්‌ පැවතීම. අති ස්‌ථුලතාවය නිසා ස්‌නායු ගමන් මාර්ගය අවට පටකවල මේද තැන්පත් වීමෙන් ස්‌නායුව මත තෙරපීමක්‌ ඇති වීම. මැණික්‌ කටුව සන්ධියට සිදු වූ අනතුරකින් අස්‌ථි බිඳීමකදී (Trauma) ස්‌නායුවට හානි සිදුවීම. එසේම ස්‌නායු ගමන් මාර්ගයට පිටතින් මාංශවල වර්ධනයක්‌ හෝ මේද තැන්පත් වීමක්‌ (Lipoma) නිසා ද කුහරමය ව්‍යqහය තුළ පීඩනය වැඩි වීම නිසාද මෙවැනි තත්ත්වයක්‌ ඇති විය හැක.

විශේෂයෙන් ගර්භණී අවස්‌ථාවේදී ස්‌නායු ගමන් මාර්ගය අවට ද්‍රව එක්‌ රැස්‌වීමක්‌ සිදු විය හැකි බැවින් ස්‌නායුව පීඩාවට පත් වීමෙන් ඉහත රෝග ලක්‍ෂණ මතු වීම සාමාන්‍ය අවස්‌ථාවකි. දරු ප්‍රසූතියෙන් පසු බොහෝ විට එම තත්ත්වය මගහැරී යයි.

බොහෝ විට යම් පුද්ගලයෙකුගේ වෘත්තිය හා රෝග ලක්‍ෂණ ඇතිවීම අතර සම්බන්ධතාවක්‌ පවතින අවස්‌ථා හමුවේ. උදාහරණ ලෙස ලියන්නන්, යන්ත්‍ර ක්‍රියාකරවන්නන්, විශේෂයෙන් කම්පනය වන උපකරණ (Vibrating Tools) සමඟ නිතර කාර්යයන්හි නිරත වන්නන් මෙවැනි අවස්‌ථාවන්ට බහුලව ගොදුරු වෙයි.

කාන්තාවන්ට බලපෑම
එසේම ගෘහණියන් දිනපතා නිතර යෙදෙන කාර්යයන් වන පොල්මිරිකීම, අතින් රෙදි සේදීම වැනි කාර්යයන් මැණික්‌කටු සන්ධියේ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ වන අතර වැඩි පීඩනයක්‌ යෙදෙන අවස්‌ථා ලෙස දැක්‌විය හැකියි.

මැණික්‌කටු සන්ධියෙන් අත නැවීමේදී හා දිගහැරීමේදී ස්‌නායුව ගමන් ගන්නා අවකාශයේ පීඩන වෙනස්‌ වීමක්‌ සිදු වෙයි. මෙම පීඩන වෙනස්‌ වීම නිතර නිතර සිදුවන ලෙස යම් ක්‍රියාකාරකමක නිරත වන්නේ නම් ස්‌නායුව මත පීඩනයක්‌ යෙදෙයි.

එබැවින් එවැනි ක්‍රියාකාරකම් අවම වන සේ වැඩ කටයුතුවල යෙදීම, බලපෑම අවම වන සේ උපකරණ භාවිත කිරීම එහිදී අවම වශයෙන් එවැනි රැකියාවන්වල යෙදෙන්නන් පැයකට වරක්‌ හෝ විවේක ගැනීම, මැණික්‌ කටු සන්ධිය හා ඇඟිලිවලට සුදුසු ව්‍යායාම කිරීම, සම්බාහනය කිරීම මඟින් මෙවැනි ගැටලු ඇති වීම වළක්‌වා ගත හැක. එසේම සෑම විටම නිවැරදි ඉරියව්වල අත තබා ගැනීමද වැදගත් වෙයි.

මෙසේ පෙර සූදානම මගින් එදිනෙදා වැඩ කටයුතුවලින් මෙවැනි තත්ත්වයක්‌ ඇති වීමට ඇති අවදානම වළක්‌වා ගත හැකි වනවා සේම පවතින රෝග තත්ත්වය පාලනය කර ගැනීමටද උපකාරී වෙයි.

ප්‍රතිකාර කිරීම
මෙහිදී පෙන්නුම් කරන විශේෂිත රෝග ලක්‍ෂණ හා විශේෂ රෝග පරීක්‍ෂා ක්‍රම මගින් පහසුවෙන් රෝග නිර්ණයකට පැමිණිය හැකිය. නවීන විද්‍යානුකූලව වේදනා නාශක, එන්නත් (Steroids ingectios) ලබා දීම මෙහිදී සිදු කරන අතර සරල, ශල්‍යකර්මයක්‌ මගින් ස්‌නායුව මත ඇති වන පීඩනය අවම කිරීමක්‌ සිදු කරයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි මෙවැනි තත්ත්වයන් සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම භාවිත වෙයි. එමගින් ශල්‍යකර්මයකට නොගොස්‌ මෙම තත්ත්වය සුව කර ගැනීමේ අවස්‌ථාව ඇත. මෙහිදී ප්‍රධානම වාත රෝග චිකිත්සාවට අනුව ප්‍රතිකාර සිදු කරනු ලබන අතර රෝග හේතුවට අනුව ප්‍රතිකාර පද්ධතිය තීරණය කරයි.

අභ්‍යන්තර ඖෂධ ප්‍රතිකාරවලට අමතරව බාහිරින් ඖෂධීය තෛල අත්‍යවශ්‍යය. තැවීම පැලැස්‌තර යෙදීම, ආලේප ආදී සරල ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

මැණික්‌ කටු සන්ධිය සඳහා වූ ආධාරක (Wrist braces) පැළඳීමෙන් අතෙහි චලන සීමා කිරීමත් සමගින් ස්‌නායුව මත ඇතිවන පීඩනය පාලනයක්‌ මගින් රෝගියාට ඇතිවන අපහසුතාව මඟහරවා ගත හැකියි.

ප්‍රතිකාරවලට යොමු නොවී දීර්ඝකාලීනව මෙවැනි තත්ත්වයක්‌ පාලනය නොකර සිටීමෙන් ස්‌නායුවට හානි සිදු වීමෙන් මාංශිපේශි ක්‍ෂය වීම හා දුර්වල වීම සිදුවිය හැකි බැවින්, රෝග ලක්‍ෂණ ඇති වූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස්‌ අවශ්‍ය උපදෙස්‌ හා ප්‍රතිකාර ලබා ගත යුතුයි.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top